BLOG

1. Smart Watch යනු මොනවාද

ඔබ වෙළෙදපලෙහි දකිනා සාමාන්‍ය analog සහ digital අත් ඔරලෝසු වලින් ඔබ්බට ගොස් ඊට වඩා දියුණු තාක්ෂණයක් භාවිතා කරමින් එදිනෙදා ජීවිතයේ කටයුතු ද පහසු කරගැනීම සදහා නිර්මාණය කරන ලද අත් ඔරලෝසු විශේෂයකි. මේවා භාවිතා කරන්නාගේ උවනාවන් අනුව විවිධ වර්ග වලින්, හැඩ වලින් මෙන්ම ප්‍රමාණයන් ගෙන්ද මිලදී ගත හැකියි.

how to select best smart watch in Sri lanka

2. Smart Watch වර්ග මොනවාද?

ප්‍රධාන smart watch වර්ග 2 ක් දක්නට හැකියි.

1. Life Style Smart Watches

මෙම වර්ගයේ ඔරලෝසු මගින් ඔබගේ දිනපතා සිදු කරනා වැඩ කටයුතු වලදී ඔබේ දුරකතනය හා සම්බන්ධ කිරීමෙන් එහි සියලු වැඩ smart watch එකෙන්ම පමණක් බලා ගැනීමට හා සිදුකිරීමට හැකියි.

උදා : දුරකථන ඇමතුම් ලබාගැනීම සහ පිළිතුරු දීම, SMS සහ අනිකුත් Notifications ලබා ගැනීම, ඔබ කැමති සිංදු play කිරීම ආදී පහසුකම් මෙම වර්ගයේ watch මගින් ලබා දේ.
අප වෙබ් අඩවියෙහි Calling watches සහ Casual Watches යටතේ මෙම ඔරලෝසු ඔබට මිලදී ගැනීමට හැකියි.

මේවා විව්ධ සන්නාම වලින් විවිධ මිළ ගනන් වලින් මිලදී ගත හැකියි.

2. Fitness Trackers

මෙම මාදිළියේ watch මගින් වැඩිපුරම අවධානය යොමු කරන්නේ ඔබගේ ශරීර සුවතාවය ආශ්‍රිත වැඩකටයුතු සදහා වේ. එහිදී ඉතාම නිවැරදි ආකාරයෙන් ඔබේ ජීව විද්‍යාතමක නිවැරදි අගයන්ට සමීප ලෙස දත්ත ලබාදීමට මෙම වලට හැකියාව ඇත.

උදා : ඔබගේ heart rate, blood O2 levels, walking distance, steps, GPS location යනාදී අගයන් බොහෝවිට නිවැරදි ලෙස ගනන් ලබාදීමට මෙම වලට හැකියාව ඇත. මෙම watches වලින් සියල්ලම පාහේ Full waterproof grading එකක් සහිත වේ.

අප වෙබ් අඩවියෙහි Sports watches යටතේ මෙම ඔරලෝසු ඔබට මිලදී ගැනීමට හැකියි.

මේවාද විව්ධ සන්නාම වලින් විවිධ මිළ ගනන් වලින් මිලදී ගත හැකියි.

3. ඔබට අවශ්‍ය Smart watch එක තෝරා ගන්නේ කෙසේද?

ඔබට සුදුසුම smart watch එක මිලදී ගැනීමේදී එහි හැඩය හා වර්ණය යන ප්‍රාථමික කරුණු හැරුනු විට, පහත සදහන් කරුණු සදහා අවධානය යොමු කරන්න

1. භාවිතා කරනා අවස්ථා (පළදින්නේ කුමන අවස්ථා සදහාද )

2. එකෙහි Battery Life එක කොපමණද (කුමක් නිසාද යත්, ඔබ එක මගින් සිදුකරනා වැඩ ප්‍රමාණය මත battery life එක තීරණය වේ.
උදා : ඔබ දිනපතා දු.ක ඇමතුම් ගන්නවානම් එහි battery life එක අනික් ඒවාට වඩා අඩුවේ.

3. භාණ්ඩයට ලැබෙනා වගකීම් කාලය (Warranty period)

ඉහත කරුණු සියල්ල අප වෙබ් අඩවියෙහි සෑම watch එකක් සමගම ඇති product description  එකෙහි පළ කර ඇත.

4. Smart watch එකක් මිලදී ගැනීමේදී warranty එක වැදගත් වන්නේ ඇයි?

විවිධ වූ විකුණුම් කරුවන් ඔවුන් ආනයනය කරනා සැපයුම්කරු සහ භාණ්ඩ වල quality එක මත විවිධ warranties ලබා දෙයි.
මෙහිදී warranty එක වැදගත් වන්නේ එකෙහි ඇති circuits සහ battery ය කෙතරම් කාලයක් සුරක්ෂිතද යන්නයි.

මිල අඩු වූ පමණින් එම නිසා මිලදී ගැනීමට නොයන්න. එහි warranty එක සහ තාක්ෂණික දැනුම දන්නා විකුණුම්කරුවෙකුගෙන් පමණක් මිලදී ගන්න.

අප ආයතනය විසින් විකුණුම් කරනා සියලුම smart watch සදහා අප විසින් වසරක කාලයක වගකීමක් ලබාදෙන අතර භාණ්ඩය සම්බන්ධ සියලු තාක්ෂණික ගැටළු අප වෙතින් Call හෝ WhatsApp හරහා ඔබට ලබාගත හැකියි.

5. අප වෙබ් අඩවියෙන් ඔබට ලැබෙනා සේවාවන්.

ඔබට අප වෙතින් මෙම වෙබ් අඩවිය හරහා ලොව නවීනතම smart watches අඩු සිට වැඩි මිළ ගනන් දක්වා මිලදී ගත හැකියි.

1.ඔබට watch එකක් ගැනීමේදී දැනගැනීමට අවශ්‍ය මුලික කරුනු
2.  Smart watch එක මිලදී ගැනීමෙන් පසු එය සම්බන්ධ කරගැනීමට අවශ්‍ය තාක්ෂණික සහය
3. වගකීම් කාලය තුළ ක්ෂනික හුවමාරු සේවාවන්.

අප වෙතින් නොමිලේ ලබාගත හැකියි!

Shopping cart
Chat with us
Shop
Sidebar
Wishlist
0 items Cart
My account